
vikalpa.org · Feb 20, 2026 · Collected from GDELT
Published: 20260220T130000Z
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත් සමාගම් 30 කට සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අවසර ලබා දීම සිදු කර ඇති බැවින් ඒ සියල්ල අත්හිටුවීමට කටයුතු කළ යුතු බව ය. කමිටු සභාපති වශයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව එම ව්‍යාපෘති සියල්ල අත්හිටුවීම සිදු කෙරින. 2025 වසරේ දී අත්හිටවූ මෙම ව්‍යාපෘති මේ වන විට ආරම්භ කර ඇත්තේ අලි – ඇතුන් ජීවත් වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි අලින් ගේ නිජබිම් වන වනාන්තර පද්ධති මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමිනි. අද වන විට සමාගම් කිහිපයක් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශවල වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ අලි – ඇතුන් ජීවත් වන වනාන්තර අක්කර 1000 ක් පමණ ඩෝසර් යන්ත්‍ර මගින් එළි කිරීම හා ගිනි තැබීම සිදු කරමින්, එල්ලෙන විදුලි වැටවල් මගින් වනාන්තර ආවරණය කරමින් දැවැන්ත වන විනාශයක් සිදු කර තිබේ. එම හානි කර ක්‍රියා සිදු කිරීම දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Dudu International Pvt Ltd), නිධන්යා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Nidhanya International Pvt Ltd), ටානු ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Tanu International Pvt Ltd), ටනිෂ් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම (Tannish International Pvt Ltd), ඔරියන් සෝලා පුද්ගලික සමාගම (Orion Solar Pvt Ltd), එවර්නිව් එනර්ජි පුද්ගලික සමාගම (Everrenew Energy Pvt Ltd) හා ඒෂියන් සෝලා පුද්ගලික සමාගම (Asian Solar Pvt Ltd) යන සමාගම් මඟින් සිදු කරයි. අල්ලස් ලබා දුන් සෝලා සමාගම් හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී අත්හිටුවන ලද මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සිදු කර ඇත්තේ රුපියල් මිලියන 14 ක මුදලක් සමාගම් පහක් එක් ව අල්ලස් ලෙස වක්‍ර මාර්ගික ව ලබා දීමෙනි. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ නාගරවැව සිට මයුරපුර දක්වා සහ උස්ගල දක්වා කිලෝමීටර 12 ක එල්ලෙන විදුලි වැටක් ඉදි කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සුනිල් රත්නායක සහ හම්බන්තොට නගර සභාවේ නාගරික මන්ත්‍රි නලන් කුමාර යන අය ගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ගොවි සංවිධානයට මෙම විදුලි වැට ඉදි කිරීමට රුපියල් මිලියන 11 ක පමණ මුදලක් ලබා දී තිබේ. අනෙක් රුපියල් මිලියන 3 ක මුදල අදාළ සමාගම් විසින් ලබා දී ඇති ආකාරය නිවැරදි ව සඳහන් වී නොමැත. මේ ආකාරයට රුපියල් මිලියන 14 ක මුදලක් ලබා දී ඇත්තේ ඔරියන් සෝලා, නිධන්යා ඉන්ටර්නැෂනල්, ටනිෂ් ඉන්ටනැෂනල්, ටානු ඉන්ටර්නැෂනල් හා දුදූ ඉන්ටර්නැෂනල් යන සමාගම් පහ විසිනි. මෙම සමාගම්වල මුදල් ලබා දීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිහාල් ගලප්පත්ති, රුවන් සෙනරත් හා අතුල වෙළෙදගොඩ යන අය ගේ මඟපෙන්වීම යටතේ සිදු වී ඇති අතර හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් දයාවංශ මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සිදු කර ඇත. මීට අමතර ව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා විසින් මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සිදු කර ඇත. මේ ආකාරයෙන් විදුලි වැට ඉදි කිරීමට මුදල් ලබා දීමෙන් පසු ව අදාළ සමාගම් විසින් අලි – ඇතුන් ගේ නිජබිම් වන වනාන්තර විනාශ කරමින් සෝලා බලාගාර ඉදි කිරීමේ කටයුතු නැවත ආරම්භ කර තිබේ. මේ ආකාරයෙන් මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ප්‍රථම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී ගන්නා ලද තීරණ මත කිසිදු ආකාරයකින් ව්‍යාපෘති නැවත සමාලෝචනයකට ලක් කර නොමැත. ඉන් පැහැදිලි වන්නේ අත්හිටවූ ව්‍යාපෘති නැවත ආරම්භ කර ඇත්තේ එල්ලෙන විදුලි වැට ඉදි කිරීමට මුදල් ලබා දීමේ පදනම මත බව ය. එය වක්‍ර මාර්ගික අල්ලස් ලබා දීමකි. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී විරුද්ධ වූ කමිටු සභාපතිවරයා ද සමාගම්වල අල්ලසට යට වී මෙම සමාගම් විසින් සිදු කරන මහා විනාශයට ආදාර හා අනුබල ලබා දෙමින් සිටී. සෝලා සමාගම් හා රාජ්‍ය ආයතන එක් ව පරිසර නීති හෑල්ලුවට ලක් කිරීම මෙම ව්‍යාපෘති ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මත පදනම් ව අනුමැතිය ලබා ගෙන සිදු කළ යුතු ය. එම වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් හෝ මෙගාවොට් 50 කට වඩා වැඩි විදුලි බලාගාර ව්‍යාපෘති ඉදි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියකට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නීති විරෝධී ව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. නිවැරදි පරිසර බලපෑම් ඇඟයීම් ක්‍රියාවලියකට පිවිසීම මඟ හැරීම සඳහා මෙම එක් එක් සමාගම් මෙගා වොට් 10 බැගින් වන සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීමට සූදානම් වන අතර සමාගම් 5 ක් ලෙස මෙගාවොට් 10 බැගින් වන ව්‍යාපෘති 5 ක් ඉදි කිරීමට අනුමැතිය හා දීර්ඝකාලීන බදු පදනම මත මහවැලි අධිකාරියෙන් ඉඩම් බදු වශයෙන් ලබා ගැනීම සිදු කර ඇත. එමගින් සිදු කර ඇත්තේ ව්‍යාපෘතියෙන් ඇති වන අහිතකර බලපෑම් කුඩා මට්ටමක පවතින බවට පෙන්වා දී පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියෙන් හා මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් නිදහස් වීම ය. පාරිසරික නීති මඟ හැරීම සඳහා මෙම සමාගම් හා මධ්‍යම පරිසර අධිකාරිය එක් ව සිදු කර ඇත්තේ මෙගාවොට් 50 ට වඩා අඩු ව්‍යාපෘති එක ම මව් සමාගමකට අයත් සමාගම් කිහිපයක් යටතේ අඩු ධාරිතාවයකින් යුක්ත බලශක්ති ව්‍යාපෘති ලෙස අනුමැතිය ලබා ගෙන ක්‍රියාත්මක කිරීම සිදු කළ ද නීතියෙන් සැඟවී යාමට නොහැකි වන්නේ මෙම ව්‍යාපෘති සඳහා හෙක්ටයාරයකට වඩා වැඩි වනාන්තර එළි කිරීමට සිදු වන නිසා ය. අක්කර 50 කට වඩා වැඩි වනාන්තර ඉඩම් එළි කිරීම, අලි – ඇතුන් ජීවත් වන වනාන්තර පද්ධති එළි කිරීම හා වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි එකිනෙකට ඈදුණු වනාන්තර පද්ධතියක් ලෙස පිහිටන වනාන්තර එළි කර සූර්ය බලාගාර ඉදි කරන බැවින් සිදු විය හැකි අහිතකර බලපෑම් විශාල මට්ටමක පවතින බැවින් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව මහජන අදහස් මත පදනම් ව අනුමැතිය ලබා දීම සිදු විය යුතු ය. එසේ නොමැති ව මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තා මත පදනම් ව මහජන අදහස් ලබා ගැනීමකින් තොර ව අනුමැතිය ලබා දිය නොහැකි ය. එසේ කළ හැකි වන්නේ අල්ලසට මධ්‍යම පරිසර අධිකාරිය යටත් වීමෙන් පමණි. එසේ හෙයින් සමාගම් හා මධ්‍යම පරිසර අධිකාරිය එක් ව සිදු කරන මෙම වංචාවන් සම්බන්ධයෙන් පරීක්ෂා කර නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය. මේ ජාවාරම් සියල්ල සමාගම් විසින් සිදු කර ඇත්තේ සුනිත්‍ය බලශකිත් අධිකාරිය, මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යන සියලු ආයතනවල දැනුවත් භාවය මත ය. නමුත් වක්‍ර මාර්ගික අල්ලස් ලබා දීම තුළින් මේ සියල්ල යටපත් කර තිබේ. දැනුවත් ව හෝ නොදැනුවත් ව පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති ද මේ සියල්ලේ ම ගොදුරක් බවට පත් ව ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ පස්වන පරිච්ඡේදයේ 100 වන වගන්තියට අනුව මෙලෙස අල්ලස් ලබා ගත් කිසිදු නිලධාරියකුට සැඟවී සිටිය නොහැක. නීත්‍යානුකූල නොකර හැරීමක් සඳහා ඕනෑකමින් ම උපකාර කරන්නේ නම් එය නීති විරෝධී ක්‍රියාවකට අනුබල දීමක් වේ. දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියේ සිට 161 වන වගන්ති දක්වා විස්තර කරන ආකාරයට එල්ලෙන විදුලි වැට ඉදි කිරීම සඳහා සෝලා සමාගම් පහෙන් මුදල් ලබා ගැනීම වක්‍ර මාර්ගික ව ලබා දුන් තුටු පඩුරක් ලෙස සැලැකිය හැකි ය. එම තුටු පඩුර ලබා ගෙන දිස්ත්‍රික් ලේකම් ඇතුළු ව මෙම රාජ්‍ය ආයතන විසින් සෝලා සමාගම් සිදු කරන දැවැන්ත විනාශයන් යටපත් කර තිබේ. අලි – ඇතුන් ගේ වාසස්ථාන වන වනාන්තර එළිකර සිදු කරන අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීම, ඒ තුළින් ජනතාව අවතැන් කර ඔවුන් ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම, ජාතික පාරිසරික පනත උල්ලංඝනය කර පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියෙන් නිදහස් වීම, ජනතා විරෝධය ඇති වීම වැළැක්වීම සඳහා ජනතාවට සෝලා ව්‍යාපෘති පිළිබඳ ව නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති අවස්ථාව අවහිර කිරීම යන සියල්ල මෙම සමාගම්වල අල්ලසට යට වී සිදු කළ දෑ වෙති. ඉන් නොනැවතී ජනතා ගේ බදු මුදල් වලින් රුපියල් කෝටි 1.5 කට වැඩි මුදලක් සෝලා බලාගාර පිහිටි ප්‍රදේශවලින් අලි – ඇතුන් පළවා හැරීමට වියදම් කිරීම ද සිදු කර ඇත. මේ සියල්ල ම පිළිබඳ ව විධිමත් පරීක්ෂණයක් සිදු කර වරදකරුවන් වන සියලු පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දිය යුතු ය. වර්තමාන ආණ්ඩුව බලයට පත් වූවේ මෙවන් වංචා හා දූෂණ වැළැක්වීමට ජනතාවට පොරොන්දු දීම හා විශ්වාසය ඇති කිරීම මත ය. එය ඒ අනුව තහවුරු කළ යුතු ව ඇත. අලි – ඇතුන් ගේ රක්ෂිත ඉඩම් සෝලා සමාගම් වෙනුවෙන් මහවැලි අධිකාරියෙන් කොල්ල කෑම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ගේ පාලන සමය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා ලුණුගම්වෙහෙර, උඩවලව හා බුන්දල ජාතික වනෝද්‍යාන ත්‍රිත්වය ඒකාබද්ධ කිරීමට හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සැලැසුම් කිරීම 2010 වසරේ දී ගජමිතුරෝ වැඩසටහනට සමගාමී ව සිදු විය. එමඟින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින බව අධ්‍යයන මගින් අනාවරණය විය. ඒ අනුව 2011 වසරේ දී මේ සැලැසුම අනුමත කළ නමුත් මහවැලි අධිකාරියේ හා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ගේ බලපෑම මත මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම නතර කර තිබුණි. මේ නිසා ගොවි ජනතාව ගේ දැඩි බලපෑම මත 2021 වසරේ පෙබරවාරි මස 22 වන දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් හෙක්ටයාර 23,747 ක් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබිණි. එහි දී මහවැලි අධිකාරියේ බලපෑම මත යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් හෙක්ටයාර 2300 ක් නැතහොත් අක්කර 5750 ක් පමණ ඉවත් කර මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම සිදු විය. ඒ අනුව සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ 2021 අප්‍රේල් මස 9 වන දින අංක 2222/62 දරන ගැසට් නිවේදනය මගින් හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර හා තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති හෙක්ටයාර 23746.55 ක් වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කෙරින. එහි දී රක්ෂිතයෙන් ඉවත් කළ අලි – ඇතුන් ගේ වාසස්ථාන වන වනාන්තර සියල්ල ම සූර්ය බලාගාර ඉදි කිරීමට හා ගල්වලවල් පවත්වාගෙන යාමට මේ වන විට මහවැලි අධිකාරියෙන් බදු දී තිබේ. මෙම වනාන්තර විනාශය හේතුවෙන් වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ කිසිදු ප්‍රතිලාභයක් ගොවි ජනතාවට ලබා ගත නොහැකි වී ඇත. සිදු වී ඇත්තේ ගොවි ජනතාව අලි – මිනිස් ගැටුමේ දැවැන්ත ගොදුරක් බවට පත් වීම පමණි. මේ තත්ත්වය නිවැරදි ව අවබෝධ කර ගෙන වර්තමාන රජය කළ යුතු ව තිබුණේ මෙම වන විනාශය නතර කර අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කර අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හා මිහිකත පරිසර ප්‍රතිපත්තියේ සඳහන් වන ආකාරයට විද්‍යාත්මක විසඳුම් ලබා දීම ය. නමුත් ඒ වෙනුවට සිදු වන්නේ සූර්ය බලාගාර සඳහා වනාන්තර ඉඩම් විනාශ කිරීමට වත්මන් ආණ්ඩුව ද අඛණ්ඩ ව අවස්ථාව ලබා දීම ය. ඒ තුළින් ගොවි ජනතාව හා වගා බිම් සියල්ල අලි – ඇතුන් ගේ ගොදුරක් බවට පත් කර ගොවි ජනතාව අවතැන් කිරීම සිදු කර ඇත. සුනිත්‍ය බලශක්ති අධිකාරිය සංක්‍රාන්ති යුක්ති මූලධර්මය උල්ලංඝනය කර සමාගම් වෙනුවෙන් සකස් කළ විනාශකාරී සැලැසුම 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ 12(1) වගන්තියට අනුව සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් ස්ථාපිත කිර